ජනපති රනිල්ගෙන් හිතමිත්‍ර චන්ද්‍රිකාට උපදේශක තනතුරක්..!

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

වැඩසටහනේ පළමු රැස්වීම ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, ජ්‍යෙෂ්ඨ උපදේශකවරිය වශයෙන් කුමාරතුංග මහත්මියද ඊට සහභාගි වී තිබේ.

පවතින තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම හදිසි ජාතික වැදගත්කමක් ඇති විෂයක් බැවින් රජයේ ආරාධනයෙන් එම වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බව ඒ පිළිබද අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයේ නිළ නොවන උපදේශිකාව වන අතර මේ හේතුවෙන් එම පක්ෂය ඉදිරියේදී ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් මත පල කරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *