ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සියල්ල සූදානම්..!

ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර සහ බීජ ලබාදීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ නංවා  ගන්න අපිට පුළුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්න අවශ්‍ය පොහොර හා බීජ ලබාදෙන්න සියල්ල සූදානම්. ස්වභාවික විපතකින් තොරව මහ කන්නයේ වී අස්වනු ලබාගන්න අපට පුළුවන් වුණොත් ආහාර මිල ඉහළ යෑමට යම් විසඳුමක් ලබාගන්න අපිට පුළුවන්. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීමේ පදනම් ඒ මගින් ඇතිකරගන්න පුළුවන්. කෘෂිකර්ම කටයුතු සඳහා පූර්ණ අවධානයක් යොමුකරන අතර කඩිනම් අහාර නිෂ්පාදන වැඩපිළිවෙලක් අප දියත්කර තිබෙනවා. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩාවිඳින බව අප දන්නවා. ගම් මට්ටමින් ඒ් පුද්ගල කොටස් හඳුනාගැනීමට වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. මේ හඳුනාගැනීම ඔස්සේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *