ගූගල් තීන්දුවක් – භාෂා පරිවර්තන මෙවලම අත්හිටුවයි !

ලොව ප්‍රමුඛ අන්තර්ජාල සේවා සැපයුම්කරු වන ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත්හිටුවීමට තීරණය කර ඇති බව AP

(Associated Press) පුවත් සේවය වාර්තා කර තිබේ.

චීනය තුළ අඩු පරිශීලකයින් සංඛ්‍යාවක් ගූගල් භාෂා පරිවර්තනය භාවිත කිරීම එම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.

එරට සමාජ මාධ්‍යජාල පළ කිරීම්වලට අනුව, ඉකුත් සෙනසුරාදා (1) සිට පරිශීලකයින්ට භාෂා පරිවර්තන සේවාව වෙත පිවිසීමට නොහැකි වී තිබේ. ගූගල් ක්‍රොම් බ්‍රවුසරයට ගොඩනගා ඇති පරිවර්තන මෙවලම ද ඒ අනුව, චීනය තුළ තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

චීනය විසින් පනවනු ලැබූ වාරණ නීතිවලට එකඟ වීමට අකමැතිවීම හේතුවෙන් 2010 වර්ෂයේ දී, ගූගල් සමාගම සිය අන්තර්ජාල සෙවුම් යෙදවුම චීනයෙන් ඉවත් කරගෙන තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *