මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ව්‍යුහය ද වෙනස් විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.
“ටීවී දෙරණ” ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“කිසිම පරක්කුවක් නෑ, එතුමා බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙයි. එතුමා වගකීමක් තිබෙන නිලධාරියෙක් විදියට ප්‍රමිතිය පිළිබඳ තිබෙන අභියෝගයන් තමයි ඇත්තටම කළ යුතුව තිබෙන්නේ. නියාමනය කිරීම සඳහා නැතිනම් ප්‍රසම්පාදනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් හදලා දෙන එක.”
ප්‍රශ්නය – තනතුරෙන් නෙරපා හරින්න බැහැ නේ ද?
“ඒක කරන්න වුනත් අපිට පාර්ලිමේන්තුව ඇතුළේ බලේ තියෙනවා. මහජන උපයෝගිතා කොමිස නියාමන කටයුතුත්ත පැත්තක තියලා මාධ්‍ය හසුරවන වැඩක් කරලා තියෙන්නේ. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා කරන බරපතළම වරැද්දක් තමයි මෙවැනි තනතුරු සඳහා දේශපාලන වශයෙන් උදව් කරපු නිසා, එතුමාම කිව්වනේ අර බිල්ඩින් එකක් දුන්නා කියලා. බිල්ඩින් එක දුන්න නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරපු එක වැරැද්දක්. පොදුවේ කියන්නේ මහජන උපයෝගිතා කොමිසන් සභාවේම ව්‍යුහය වෙනස් වෙන්න ඕනේ.”