ජනසභා ක්‍රමය ස්ථාපනය කිරීමට අදාලව කරුණු අධ්‍යයනය කරමින් විධිමත් ජනසභා ක්‍රමයක් රට තුළ ස්ථාපනයට අදාලව කටයුතු සිදු කිරීම සඳහා ආයතනික ව්‍යුහයක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.
මෙයට අදාල කැබිනට් පත්‍රිකාවට අද දින ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ජනසභා ස්ථාපනයට අදාලව මූලික සංකල්ප පත්‍රිකාවක් මේ වනවිට සකස් කර ඉදිරිපත් කර තිබෙන අතර ඉදිරියේදී ඒ පිළිබඳව ද අවධානය යොමුකරමින් ජනසභා ලේකම් කාර්යාලය විසින් ජනසභා පිහිටුවීමට අදාලව කටයුතු සිදුකරනු ඇත.