ඉදිරියේදී පාන් පිටි රු. 250ට..!

මේ රටට අවශ්‍ය පාන්පිටි 90%ක් නිශ්පාදනය කරන්නේ දේශීය සමාගම් දෙකක්. ඒ්සමාගම් දෙකට විශාල ගැටළුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා,  තිරිඟු ඇට ගෙන්නගන්න අවශ්‍ය ඩොලර් නැති වෙච්ච නිසා. ඒ් නිසා තමයි අපි වෙනත් විකල්පවලට ගිහිල්ලා තිරිඟු පිටි ආනයනය කරන්න ආනයනකරුවන්ට අවස්ථාව ලබා දුන්නේ.

ඒ්කෙනුත් 90%ක් විතර අපි ආනයනය කළේ ඉන්දියාවෙන්. නමුත් මීට මාසයකට ඒකහමාරකට විතර ඉස්සෙල්ලා ඉන්දියානු රජයත් තිරිඟු පිටි අපනයනය තහනම් කළා. මේ නිසා අපිට විශාල ගැටළුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ් නිසා අපි දැන් ඩුබායි සහ තුර්කි රාජ්‍යයන්වලින් තමයි ආනයන කටයුතු සිද්ධ කරන්නේ. ආනයනයට මාසයක් විතර කාලයක් ගත වෙනවා. ඒ් අතරතුර වෙළඳපොලට තිරිඟු පිටි සැපයීම සීමා වුණා. ඒ් අනුව තමයි මිළ විශාල වශයෙන් වැඩිවීමක් සිද්ධ වුණේ.

මේ වෙන කොට තිරිඟු පිටි කන්ටේනර් 100ක් විතර වරායට ඇවිත් තියෙනවා. දැන් දිගටම අපි ආනයනය කරපු තිරිඟු පිටි ලැබෙනවා. ඒ් නිසා අනිවාර්යයෙන්ම මිළ පහත වැටීමක් සිද්ධ වෙනවා.

තිරිඟු පිටිවලට අපි පාලන මිළක් ලබා දීල නෑ. පාලන මිළකට යන්න නං අපිට මෙහෙ භාණ්ඩ තියෙන්න ඔ්නේ.

අපිට මේ සතිය තුළ පාන් පිටි මිළ අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශවල ජනතාවටත්, නාගරික ජනතාවටත් , විශේෂයෙන්ම බේකරි හිමියන්ටත් මේ ප්‍රශ්නය පසුගිය මාස කිහිපය තුළම තිබ්බා. සති දෙකක් තුළ අපිට රු. 250.00ක සීමාවට පාන්පිටි මිල ගේන්න පුළුවන්.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *