පසුගිය දා තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූ පොලිස් සැරයන් බී. ඒ බුද්ධික කුමාර මහතා ට උසස්වීමක් ලබාදී තිබේ.
ඒ අනුව ඔහුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත උප පොලිස් පරීක්ෂක තනතුර ට උසස් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.
ඒ වගේම ඔහු විසින් කළ නිර්භීත ක්‍රියාව වෙනුවෙන් “පොලිස් වීරතා” පදක්කම සහ ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ද බුද්ධික කුමාර මහතා පිරිනමා තිබේ.