ආසියාවේ විශාලතම ඉන්ධන සහ ගෑස් සමාගමේ උප සභාපති බලශක්ති ඇමති හමුවෙයි.

චීනයේ පෙට්‍රෝචයිනා සමාගමේ උප සභාපති, පෙට්‍රෝ චයිනා ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් බලශක්ති සහ විදුලිබල ඇමති කාංචන විජේසේකර මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

අමාත්‍යවරයා අද දිනයේදී සිය ටිව්ටර් ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබා ඇත.

පෙට්‍රෝ චයිනා සමූහයේ නිලධාරීන් සමගින් සිදුකළ මෙම සාකච්ඡාවේදී දැනට ශ්‍රී ලංකාව එම සමාගමෙන් මිලදී ගෙන ඇති ඉන්ධන සඳහා ගෙවිය යුතුව ඇති මුදල්, එම මුදල් නැවත ගෙවීම පිළිබඳ සැලසුම් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත අඛණ්ඩව ඉන්ධන සැපයුම් සිදු කරගැනීම සඳහා වන කරුණු මෙහිදී කතාබහක් කෙරුණු බව අමාත්‍යවරයා පවසයි.

අද වනවිට පෙට්‍රෝචයිනා සමාගම සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර වසර 10කට අධික ව්‍යාපාරික සබඳතාවක් පවතින බවත්, එම සමාගම ලංකාවේ විශාලතම ඉන්ධන සැපයුම්කරුවෙකු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියි.

චීනයේ ජාතික පෙට්‍රෝලියම් සංස්ථාවේ ලැයිස්තුගත ව්‍යාපාරික හස්තය වන පෙට්‍රෝ චයිනා සමාගමේ මූලස්ථානය බීජිං නුවර ඩොන්ග්චෙන්ග් දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. එම සමාගම අද වනවිට වර්තමානයේ ආසියාවේ විශාලතම ඉන්ධන සහ ගෑස් නිෂ්පාදකයාද වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *