මෑතක සිට ශ්‍රී ලංකාවේ දකුණේත් විරෝධයට ලක්වී තිබෙන ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන
දොළොස් වසක් තිස්සේ සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට එරෙහි සාක්ෂි වශයෙන් පොලිසිය ඉදිරිපත් කළපාපොච්චාරණ උසාවිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව කියමින් 2009 වසරේදී මුල්ලිවයික්කාල් හිදී අත්අඩංගුවට ගත් ගනේෂ් දර්ශන්, සුලක්ෂන් සහ පිරුවරුල් දෙමළ දේශපාලන සිරකරුවන් අධිකරණය හමුවේ කියා සිටියේ පොලීසිය ඉදිරිපත් කරන ප්‍රකාශ තමන් ලබා නොදුන් බවයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 16 වැනි වගන්තිය අනුව වැරදිකරුවන් එකිනෙකා විසින් උසස් පොලිස් නිලධාරියෙකු හමුවේ පාපොච්චාරණය කර අත්සන් තැබු ප්‍රකාශ පිළිගන්නා ලෙස පොලීසිය වව්නියාව මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ ගැන සැප්තැම්බර් 27 වැනිදා විමර්ශනය කළ වව්නියා මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් කියා සිටියේ සුලක්ෂන් සහ පිරුවරුල් ගේ පාපොච්චාරණ අධිකරණයට පිළිගත නොහැකි බවයි.
පොලිසිය විසින් දෙමළ දේශපාලන සිරකරු ගනේෂ් දර්ශන් ගේ පාපොච්චාරණය ඉදිරිපත් කර තිබුනේ යාපනය මහාධිකරණයටයි.
යාපනය මහාධිකරණ විනිසුරු ආර්.කාන්තන්ද එම පාපොච්චාරණය ප්‍රතික්ෂේප කරමින් ඒ ගැන වාර්තාවක් වව්නියාව මහාධිකරණය වෙත යොමු කර තිබිණි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා කන්කසන්තුරයෙන් දියත් වූ අත්සන් ව්‍යාපාරය ජනතා සහාය ලබමින් මේ වනවිට මධ්‍යම කඳුකරයට ලඟා වෙමින් සිටී.
එළඹෙන ඔක්තෝම්බර් 14 වැනිදා මෙම නඩුව යළි කැඳවීමට වව්නියා මහාධිකරණ විනිසුරු නියෝග කළේය.