මහ කන්නයට පොහොර ඇනවුම් කර අවසන් – කෘෂි ඇමති

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

ඒ අනුව මහ කන්නය වගා කිරිම සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කාල වකවානුවලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට ලබාදීමට හැකි බවත් එහිදී සඳහන් විය.

ඒ අනුව කිසිදු සැකයකින් තොරව ගොවීන්ට මහ කන්නේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන්, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය නියෝජනය කරමින් එහි නියෝජිතයන් සහ ආහාර පිළිබඳව කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *