මියන්මාරයේ රූ රැජින කැනඩාවට පලායයි

මියන්මාරයේ වර්තමාන හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටි රූ රැජින ලෙස කිරුළ පැළඳි “හෑන් ලෙයි” කැනඩාවට ගොස්

ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

2021 වසරේදී තායිලන්තයේ පැවති රූ රැජින තේරීමේ තරගාවලියක් ජයගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කරමින් ඇය, මියන්මාර් හමුදා පාලනය දැඩි ලෙස විවේචනය කළාය.

ඒ හේතුවෙන් ඇය මෙතෙක් කල් රැඳී සිටියේ තායිලන්තයේ ය.

නමුත් පසුගියදා වියට්නාමයේ පැවති උත්සවයකට ඇය ගොස් ඇති අතර ඇයට නැවත පැමිණීමට තායිලන්ත බලධාරීන් ඉඩ නොදුනි.

ඇයව මියන්මාරයට පිටුවහල් කෙරෙතැයි සැකයක් මතු වූ අතර ඒ හේතුවෙන් ඇය බැංකොක් ගුවන්තොටුපොළේ රැඳී සිටියාය.

පසුව ඇයට රැකවරණය දීමට කැනඩා බලධාරීන් කැමැත්ත පළකර තිබුණි.

ඒ අනුව ඇය ඊයේ (28) දකුණු කොරියානු ගුවන්සේවයට අයත් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ වෙත ගොස් තිබූ බව වාර්තා විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *