ලංකාවේ ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ.
මේ පිළිබඳව ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදී මේ කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.