විදේශ කටයුතු ප්‍රවර්ධනයට Mobitel වෙතින් අලුත් වැඩක්..!

විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙනු ඇත.

මෙමඟින් කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන කිරීමේ අංශය හරහා වඩාත් ඵලදායී ලෙස සේවා ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සැලසේ.

මෙම e-Channeling Appointment පද්ධතිය මඟින් මහජනතාවට කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල හරහා සිය ලිපි ලේඛන සත්‍යාපනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අවස්ථාවක් වෙන් කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.

සත්‍යාපන සේවා ලබාගැනීමට අපේක්ෂා කරන අයවලුන්ට, 225 (ජංගම දූරකතන පරිශීලකයන්) හෝ 1225 (ස්ථාවර දූරකතන පරිශීලකයන්) යන දූරකතන අංක ඇමතීමෙන් සහ මොබිටෙල් හි e-Channelling වෙබ් අඩවිය (www.echannelling.com) තුළින් සිය සේවා සඳහා අවස්ථාවක් වෙන් කරගැනීමට හැකි ය.

එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට (www.mfa.gov.lk) පිවිසීමෙන් ද අවස්ථාවක් වෙන් කරගැනීමේ හැකියාව පවතී.

කොන්සියුලර් කටයුතු අංශයේ සහ එහි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සත්‍යාපන අංශ 2022 සැප්තැම්බර් 29 වැනි දින සිට, මෙම e-Channeling Appointment පද්ධතිය හරහා පමණක් සේවා අපේක්ෂිත අයවලුන්ගේ සේවා ඉල්ලීම් භාරගනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *