කජීමාවත්ත ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇතැයි තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් පැල්පත් නිවාස 80ක් පමණ විනාශ වී ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න ග්‍රෑන්ඩ්පාස් පොලිසිය, යුද හමුදාව හා කොළඹ මහ නගර
සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව මැඩපවත්වනු ලැබුවා.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක
පුද්ගලයන් 220ක් අවතැන් වී තිබෙනවා.

ඔවුන්ට කැලණි නදී විහාරය හා මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලික
නවාතැන් සලසා දී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *