ජ.වි.පෙ නායක අනුර දිසානායක, ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු සමග රහස් සාකච්ඡාවක..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක හා ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරියක හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති සමන්තා පවර් අතර රහස් සාකච්ඡාවක් ඒළඹෙන ඉරි දින පැවැත්වෙන බවට විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මගින් හෙළිදරවේ.
අදාළ සාකච්ඡාවේ බරපතලකම පිළිබද කරුණු විමසීමේදී මෙය සාමාන්‍ය තත්වයෙන් ඔබ්බට ගිය එකක් වන බවත් ඇමරිකාව විසින් මෙතෙක් ආසියානු දේශපාලනයට බලපෑම් කිරීම සදහා යොදාගත් ප්‍රධාන පෙලේ කුමන්ත්‍රණකාරියක වන සමන්තා පවර් සමග මෙම සාකච්ඡාව සිදුවීම විශේෂ දේශපාලනික පෙරලියක් ලෙස මේ වන විට හෙළිදරව්වෙමින් පවතී.

අදාළ සාකච්ඡාව අතිශය රහස් සාකච්ඡාවක් වන බවට වන තවත් තොරතුරක් වන්නේ අදාළ සාකච්ඡාව පැවැත්වීම සදහා යොදාගත් වෝටර්ස් එජ් හොටලය සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු සමගය. ඒ් අනුව මෙම සාකච්ඡාව යොදාගත් එළඹෙන ඉරු දින අදාළ හෝටලය විවාහ උත්සවයක් සදහා කල් ඇතිව වෙන් කොට ගෙන තිබූ අතර එය එම දිනයේදී අවලංගු කිරීම සදහා අදාළ හෝටලයේ පරිපාලනය අදාල පිරිස් වෙත දැනුම් දී ඇති අතර මෙතෙක් ඒ් වෙනුවෙන් යෙදවූ මුදල් ගෙවා දැමීමට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපත් වී ඇත.

මෙම කරුණු මගින් පැන නගින ප්‍රශ්න ගණනාවක් වන අතර එහි පළමු වැන්න වන්නේ ආසියානු දේශපාලනයට හා ලංකාවේ දේශපාලනයේ ක්‍රමන්ත්‍රණ ගණනාවකට මුල් වූ සමන්තා පවර් වැනි ඇමරිකානු රාජ්‍යඅංශයෙහි ඉහලම තනතුරක් දරණ අයෙකු සමග ලංකාවේ වාමාංෂික බල කදවුරෙහි නායකයෙකු වන අනුර දිසානායක පවත්වන සාකච්ඡාව කුමක් ද යන්න සම්බන්ධවය.

එසේම මෙම සාකච්ඡාව අතිශය රහස් සාකච්ඡාවක් වීමත් එය කිසිදු ලෙසක මාධ්‍යයට හෝ වෙනත් පාර්ශවයක මැදිහත්වීමකින් තොරව සියලු වියදම් හා අනෙකුත් සංවිධාන කටයුතු ඇමරිකානු තානාපති කාර්යාලය මගින් සිදුවීමේ භයානකකමය.

දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන විට මතුව ඇති ප්‍රශ්නය වන්නේ පසුගිය කාලයේ ඇමරිකානු තානාපතිවරිය සමග ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සිදුකළ මෙවැනිම සාකච්ඡාවක් සමාජයේ දැඩි කතා බහට ලක් වීමෙන් අනතුරුව ඇමරිකාවේම කුප්‍රකට කුමන්ත්‍රණකාරියක වන පවර් වැනි ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඉහල නිළයක් සමග මේ සිදුකරන සාකච්ඡා කවර දිශානතියක් ලංකාවේ දේශපාලනයේ අත්පත් කරනු ඇද්ද යන්න සම්බන්ධවය.

එසේම ජනතාවට ඇමරිකාව සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රහාර හා වැඩපිළිවෙල විවේචනය කරමින් ඔවුන් සමග රහස් සාකච්ඡා පවත්වන අනුර දිසානායක මේ සිදුකරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ හා පක්ෂය පාවාදීමේ දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් බවටද දේශපාලන මතධාරීන් මත පළකරමින් සිටී

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *