ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණ කරගැනීමට උගත් ජ්‍යොතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන්ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණ කරගත හැකිය. අපෝ, තේජෝ, වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන්ද මිනිසාට වැලඳෙන විවිධ රෝගාබාධ ගැන කරුණු දත හැකිය. සංක්ෂිප්තව කියතොත් ග්‍රහයන් කටක, වෘශ්චික හෝ මීන යන ජල රාශියක නම් උෂ්ණත්වයත් පිතත් හේතු කරගෙන හටගන්නා රෝගාබාධයන්ද, මිථුන, කන්‍යා හෝ කුම්භ යන වාත රාශියක නම් වාතය මුල්කරගෙන ජනිත රෝගයන්ද, වෘෂභ, කන්‍යා හෝ මකර නමින් ගැනෙන පඨවි රාශියක නම් වාතය, සෙම හෝ උෂ්ණත්වය එක විට මුල්කරගෙන වැලඳෙන රෝගයන්ද මැනැවින් හඳුනාගත හැකිය.
ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ජ්‍යොතිෂ විද්‍යාත්මක නිර්ණායක කිහිපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝගද ඇත. තම සතුරු හෝ නීච රාශියක තැන්පත් ග්‍රහයාගේද දෙවැනි, තුන්වැනි, හයවැනි, හත්වැනි, අටවැනි හෝ දොළොස්වැනි භාවයට අධිපතිත්වය දරන ග්‍රහයන්ගේද දශාවන් සාමාන්‍යයෙන් ජන්මියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර කාලයක් ලෙස සැලකේ.
ඉහත සඳහන් කළේ විවිධ රෝග හඳුනාගත හැකි ජ්‍යොතිෂ විද්‍යාත්මක නිර්ණායක කිහිපයකි. මීට අමතරව රෝග හඳුනාගත හැකි යෝගද ඇත. මෙතැන් සිට ඒවා දැනගැනීමට අපි උත්සුක වෙමු. මානව ශරීරයේ ලිංගේන්ද්‍රියේත් සෙසු උත්පාදක හේතුභූත ඉන්ද්‍රියන්ගේත් විවිධ අබල දුබලතා දුර්වලකම් ඇතිකරන්නේ කුජ ග්‍රහයා සමග සිකුරු ග්‍රහයා ඒකරාශි වූ විටය. ශුක්‍රට වකුගඩු අයිති නිසාත්, කුජ ග්‍රහයා ස්වභාවයෙන්ම වේගවත් නිසාත්, ඔහුගේ වේගය වකුගඩුවලට හිමිවන නිසාත් වකුගඩු අමාරු ඇතිවෙයි. මීට අමතරව තුනටියේ රුදා ගතියක් ප්‍රථමයෙන්ම මෙවන් ජන්මියකුට ඇතිවී ඉන් අනතුරුව මුත්‍රා අඩුවීම හෝ වැඩිවීම හෝ පටන්ගෙන අන්තිමේදී ආබාධිත විය හැකිය.
පිත් අමාරුවත්, අක්මාගත අපහසුතාත්, පෙණහලුවල ෂ්ලේෂ්ම පටලයේ අමාරුත් ජනිත වන්නේ කුජ ගුරු යෝගයකිනි.
ශනි සමග කුජ සිටීමෙන් රුධිර සංසරණ රටාවේ වේගය ශීඝ්‍ර කරයි. කාලයාගේ ඇවෑමෙන් ඉහත කී තත්ත්වය වැඩි කලක් පැවැතිය හොත් ව්‍යාධිගත ජන්මියා එයින්ම ඔත්පළවී එක්තැන් වීමට බැරි නැත.
බුධ ග්‍රහයාගෙන් අනාවරණ කරගත හැක්කේ නහරයේ රෝගාබාධයන්ය. බුධත්, කුජත් යෝගව සිටින විට ජන්මියා පමණක් ඉක්මවා කටයුතු කිරීමෙන් නහර දුබලතා පිළිබඳ රෝගයන්ට මංපෙත් විවර වනු ඇත. රුධිර වාහිනීවල පිටත සිදුවන අමාරුකම්වලටද ඉඩක් ඇති බව සොයාගෙන ඇත.
පෙණහලු හා අක්මාවේ සෑදෙන ගෙඩි, බිබිලි, තුවාල වැනි රෝගවලට උදව් කරන්නේ බුධ ගුරු යෝග වීම බව සටහන්ව ඇත.
වේදනාව ගෙනදෙන රත්පිත්, රක්තවාත රෝග ස්වභාවයෙන්ම රවි ශනි යෝග වීමට බලපායි. ශනි සියලු වාතාබාධ බව අපි දනිමු. ශනි සඳු සමග සිටි විට මිනිස් සිරුරේ තෙත් ගතිය නොහොත් සෙම් ගතිය අධික වීමෙන් විවිධ අසනීප ගෙනදෙනු ඇත.
ජන්මීන්ට සකල විධ සෙම් රෝගයන් ඇතිකර දෙන්නේ ශුක්‍රත් සඳුත්ය. ඒ අනුව සෙම් ගෙඩි, මස් දලු, ගෙල මහත්වීම යනාදී සෑම රෝගයකටම මූලිකත්වය ගන්නේ ඒ දෙපළය. ජන්ම කේන්දරයේ 2,6,8 හෝ 12 යන කිනම් භාවයක සිකුරුත් සඳුත් යෝගවී ඇත්නම් ඉහත කී කරදර ගෙනදෙනු ඇත.
පෙණහලුවලට වතුර ඒකරාශීව ඒවායේ විවිධ තුවාල ඇතිවන්නට හේතු වන්නේ සිකුරු හා ගුරු එකතුවීම වේ.
දිගු කලක් ඇතිවන රෝගවලට ශනිගේ බලපෑමක් ඇතිවන බව අනාවරණ වෙයි. පිළිකා, දියවැඩියා හෝ අත්පා කොරවීම වැනි ව්‍යාධීන්ට හේතුව ශනි සෙසු ග්‍රහයන් සමග එකතු වීම බව අප දත යුතුය.
චන්ද්‍රයාත් බුධත් ලග්නාධිපති සමග හයේ යෝගීව සිටියි නම් චර්ම රෝග ඇතිවෙයි. එනම් දද, හොරි හෝ කුෂ්ඨ වෙයි.