ජනපති නියෝගයෙන් STF එක සිමෙන්ති කොට්ට 69ක් අල්ලලා..!

රජයේ අනුමත මිලට වඩා රුපියල් 200ත් 500ත් අතර වැඩි මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි කළ රාගම, කඩවත පාරේ වෙළෙඳ සල් හිමියෙකු ගෝනහේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජන. 26) අත්අඩංගුවට ගෙන තිබේ.

එම බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 50ක් වූ සිමෙන්ති කොට්ට 69ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙළෙඳ සල් හිමියා කඩවත පදිංචි 46 හැවිරිදි අයෙකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පාරිභෝගික අධිකාරී කාර්යාලය වෙත භාර දී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *