වසර 150 ක් පැරණි ද සොයිසා ගොඩනැගිල්ල
කඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි.
කොළඹ කොම්පක්‍දක්‍දවීදියේ පිහිටි වසර 150 ක් පමණ පැරණි ද සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි බව ද මෝර්නිං පුවත්පත වාර්තා කර සිටියි.
මෙම ගොඩනැගිල්ල කඩා නොදමන ලෙස, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේ තුන්වනදා බත්තරමුල්ල සුහුරුපායේ පැවති රැුස්වීමක දී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන බව පුවත්පත වැඩි දුරටත් වාර්තා කර සිටියි.
කෙසේ වෙතත්, අග‍්‍රාමාත්‍යවරයාගේ එම උපදෙස් නොතකා හරිමින්, ගොඩනැගිල් කඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි බවයි පැවසෙන්නේ.
එමෙන්ම, ගෘහනිර්මාණ ශිල්පය අතින් මෙන්ම, පුරාවිද්‍යාත්මක වටිනාකමකින්ද යුත් මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද සිය විරෝධය ප‍්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ගොඩනගැනිල්ල පිහිටි ඉඩම මේ වන විටත් ඉන්දියානු ටාටා සමාගමට නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් විකුණා ඇති බව පැවසේ.