අළුත් චරිත දෙකකට චෝදනා..! හරින්ද්‍ර සහ නදීක ස්වර්ණවාහිනීයෙන් ඉවත් වූ ඇත්ත හේතුව මෙන්න..!

ස්වර්ණවාහිනී නාලිකාව තුල සිටි දක්ෂ සහ ජනප්‍රියම මාධ්‍යවේදීන් දෙපලක් තමයි හරීන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක කියන්නේ. මේ දෙදෙනාගේම කථන හැකියාව සහ වෙනස්ම ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ විලාසය නිසා ලංකාවේම මිනිසුන් ඔවුන්ට ගොඩක් ආදරෙයි.

ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔවුන් සම්මාන රැසක්ම ලබගෙනත් තියනවා. නමුත් මේ දෙදෙනා ගැන දැන් කතාබහා වෙන අලුත්ම පුවත ගැන අපි ටිකක් සොයා බලන්නට සිතුවා. ඒ අනුව නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල හරින්ද්‍ර ජයලාල් ස්වර්ණවාහිනී නාලිකාව මඟින් වසර 17 ක් ඔහු මෙහෙය වූ අමාදහර වැඩසටහන සහ සියලුම වැඩසටහන් වලින් සමුගෙන ඇති බව වාර්තා වෙනවා.

ඉදිරිපත් කළ කොන්ද්සි වලට කටයුතු කරන ලෙස කළ ඉල්ලීම ප්‍’රතික්ෂේප කිරීම හේතුවෙන් හරේන්ද්‍ර ජයලාල් ස්වර්ණවාහිනි නාලිකාවෙන් කිරීමට හේතු වූ බව කියනවා. ඒ සමඟම අපට අසන්නට ලැබුණු අනෙක් පුවත තමයි එම නාලිකාවෙන දක්ෂ නිවෙදනකයෙකු වන නදීක කරුනානයකත් ඉවත් වෙලා කියලා.

ඒ වගේම ආසියාවේ දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීමටද නදීකට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි වසර ගණනාවක්ම සම්මාන පිට සම්මාන රැසක්ද ඔහුට ලැබිලා තියනවා. හරින්ද්‍රගේ වසර 17 ක සේවාකාලය වගේම නදීකත් වසර 14 ක කාලයක් දැනට සේවය කරලා තියනවා.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *