එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකු වංචාවේ චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඊයේ නිදහස් වු රවි කරුණානායක ඉවත් කර ඒ සදහා තරුණ නායකයෙකු පත්කිරිම සම්බන්ධයෙන් එජාප නායකත්වයේ අවධානය යොමුවී ඇති බව අපට වාර්තා වේ.
මේ අතර අවිස්සාවේල්ල ආසනයේ හිටපු සංවිධායක මෙන්ම කැස්බෑව ආසනයේ වර්තමාන සංවිධායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂ නායක ප්‍රසිද්ධ ව්‍යාපාරික ආචාර්ය උපුල් මාලේවන මහතාව එජාපයේ නව කොළඹ දිස්ත්‍රික් නායකත්වයට යෝජනා වී ඇති බව සදහන්.