ඉන්දියාව ට ප්‍රදානය කිරීමට සූදානම්ව තිබූ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) අවලංගු කිරීමට හේතු ලෙස විවිධ කාරණා දක්වමින් ඉන්දියාව සන්සුන් කිරීමට ශ්‍රී ලංකාව රජය පටන් ගෙන ඇති නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා තවදුරටත් කැලඹෙමින් පවතී. මෙයට හේතුව වන්නේ සූර්‍ය බලශක්ති සමාගමක් වන ඉන්දියාවේ ලංසුකරුවෙකු වූ Sterling & Wilson නම් ආයතනයට තාක්ෂණික ඇගයීමකදී දී ප්‍රධාන වශයෙන් ලංසුව අහිමි වූ බව සඳහන් කරමින් චීනයේ Sinsor Etrchwin ආයතනයට සුළං බලශක්ති ව්‍යාපෘති තුනක් ම ප්‍රදානය කිරීමයි . ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිට තමිල්නාඩුවේ දකුණු කෙළවරට කිලෝ මීටර විසිහතරක් පමණ දුරින් පිහිටි මෙම ව්‍යාපෘතිය චීනයට භාර දීම පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයක් යොමු කර තිබේ .
මුදල් හුවමාරුවක් වශයෙන් පවසමින් චීන රජය විසින් ඩොලර් මිලියන එක්දහස් පන්සියයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කර තිබේ . මීට පෙර ද ඇමරිකානු ඩොලර් 500ක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කරමින් එම මුදල් ඕනෑම කටයුත්තක් සඳහා භාවිතා කිරීමට චීන රජය ශ්‍රී ලංකාවට අවසර ලබා දෙන ලදී . ගැටලුව වන්නේ චීනය මේ පාර සදමින් සිටින්නේ කවරාකර දෙයක් අරමුණු කර ගනිමින්ද යන්නයි. මන්ද කොන්දේසි පැහැදිලි නොකර කිසිදු රටක් එලෙස ණය මුදල් ලබා දෙන්නේ නැත .
ඉන්දියාව සහ ජපානය සමඟ ( ECT ) සහයෝගීතා ගිවිසුම් අවලංගු කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය කියා සිටියේ (ECT ) කිසි විටෙක ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා වෙන් කර නොමැති බවයි . එමෙන්ම ඔවුන් කියා සිටියේ ජාතික වත්කම් විකිණීම ඔවුන්ගේ න්‍යාය පත්‍රය නොමැති බවත් අවශ්‍ය නම් බටහිර බහලුම් පර්යන්තය (WCT) කල් බදු ගිවිසුමක් යටතේ සියයට 85 ක කොටස් සඳහා ඉන්දියාවට ලබා ගත හැකි බවයි .
මෙහි තර්කය පැහැදිලි නැත . පළමුවෙන් ම, (WCT ) යනු ද ශ්‍රී ලංකාවේ ජාතික වත්කමකි . දෙවනු ව, (ECT ) ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා වෙන් කර නොතිබීම ඉහළ මට්ටමේ සාකච්ඡා වල දී සාකච්ඡාවට බඳුන් වූවක් නොවේ .තෙවනුව , සියයට 51 ක කොටස් ශ්‍රී ලංකාව ට තිබූ නැගෙනහිර බහලුම් පර්යන්තය ලබා දීමට එරෙහිව උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින් බටහිර පර්යන්තයෙන් සියයට 85 ක කොටස් ඉන්දියාවට ලබා දීම ට එරෙහි ව උද්ඝෝෂණය නොකරාවි යැයි ලබා දිය හැකි සහතිකය කුමක් ද යන්නයි . බටහිර බහලුම් පර්යන්ත යෝජනාව තවමත් නිසිලෙස අනාවරණය කර නැත .
ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියේ සභාපති වරයා මෙරට මාධ්‍යයකට පවසා ඇත්තේ ඉන්දියාව බාර නොගන්නේ නම් වෙනත් පාර්ශවයන් ඒ සඳහා තරග වදින බවත් ඔවුන්ට ඉඩ ලබාදීමට කටයුතු කරන බවත් ය. මේ වන විටත් කාලය නාස්ති කර ඇති බැවින් රජය විසින් නැගෙනහිර බහලූම් පර්යන්තයේ වැඩකටයුතු නැවත ආරම්භ කරන බවත් ය .
ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන දෙදෙනාම එකිනෙකාට ප්‍රශංසා කර ගනිමින් ඉන්දු පැසිෆික් කලාපය සහ චීන ජාතිකයින් ගේ Belt and Road Initiative (BRI) සමතුලිත කර ගැනීම සඳහා දැඩි දේශපාලන අර්බුදයක් මත ගමන් කරමින් සිටින බවක් පෙනෙන්ට තිබේ.
ඉන්දියාව පළමුව තම අසල්වැසියා යන ප්‍රතිපත්ති මත පදනම් ව චීනයට වඩා ශ්‍රී ලංකාව සමඟ සෑම මොහොතක ම පෙනී සිටිමින් කටයුතු කරනන්බව ඉතිහාසය සාක්ෂි දරයි. චීනය සම්බන්දය අපට ඒ තරම් පැහදිලි ඉතිහාසයක් නැති අතර චීනයේ වර්තමාන හැසිරීම අතිශය ප්‍රශ්නකාරිය.
චීනයේ BRI යටතේ ඔවුන්ට ශ්‍රී ලංකාවේ චීන ජනපද පිහිටුවීමට අවශ්‍ය පසුබිම සෑදීමට පහසු වන ආකාරයට දිගුකාලීන කල් බදු යටතේ CICI පෝට් සිටි ව්‍යාපෘතිය / හමබන්තොට වරාය ආදී තවත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී . මෙය ඉන්දියානු සාගර කලාපයට බලවත් තර්ජනයකි. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාවේ එක්ව චීන ජාතිකයින් මිලිටරි ලෙස දුර්වල කිරීමටත්, ශ්‍රී ලංකාව වැනි මූල්‍යමය වශයෙන් දුර්වල රටවල් බොහොමයක් ණය ලබා දීම මඟින් අල්ලා ගැනීමට භාවිතා කරන (BRI ) වලට එරෙහිව නැගී සිටීමටත් තීරණය කර ඇත .
නමුත් චීනය ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමෙන් හා ආදායම්වල නොලැබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාව වැනි දුර්වල රටවල් වල චීන කොලනි ආරම්භ කිරීම සාර්ථක ලෙස කර ගෙන යයි . හම්බන්තොට වරාය ව්‍යාපෘතිය දුර්වල මට්ටමක පවතින්නේ ඒ චීනයේ අධීක්ෂණය යටතේ ඇති බලකොටුවක් වන නිසාත් දේශපාලනික වශයෙන් කොටුවී ඇති නිසාත් බව පැහැදිලිය . මෑතක දී දැකගත හැකි දෙයක් වන්නේ චීන ආයෝජකයකු විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක ටයර් කම්හලක් හම්බන්තොට වරායේ ඉදි කරන බවයි . චීන ලංකා හවුල් ව්‍යාපාර පමණක් යෝජනා වී ඇති වරාය නගරයේ ද මෙවැනි ම පසුබිමක් දක්නට ලැබේ . චීනයේ මෙම ක්‍රියාවන් තුළ පැහදිලි වන්නේ චීනය ලංකාව වැනි මූල්‍යමය වශයෙන් දුප්පත් රටවලට කරන බලපෑම ආර්ථික මෙන් ම දේශපාලන හා සමාජීය වශයෙන් ද අතිශය භයානක බවය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සම්බන්ධය ස්වාභාවික හා භූගෝලීය සංස්කෘතික හා සාම්ප්‍රදායිකව ඇති වූ එකක් වන බැවින් ඉන්දියානු රජය අන්‍යෝන්‍ය අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යනු දැක්විය හැකිය . දෙමළ ඊළාම් යුද්ධය අවසන් කිරීමට ඉන්දීයාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් අතර පශ්චාත් යුද සමයේ දී උතුරේ නිවාස 50,000 ක් ඉදිකිරීමට හා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සහ සබඳතා පුළුල් කිරීමට ද උදව් කළේ ය . එමෙන්ම ඉන්දියාව වතු කම්කරුවන් සඳහා උසස් තාක්ෂණික රෝහලක් ද පරිත්‍යාග කළේය . ඉන්දියාවේ අගමැති මෝදි ගේ ” ප්‍රථමයෙන් තම අසල්වැසියා” යන ප්‍රතිපත්තිය මත පදනම්ව ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය ලබා දී ඇත . ඉන්දියාව ලංකාව කෙරෙහි දක්වන නැඹුරුව චීනයට වඩා හාත්පසින්ම වෙනස් එකකි.
නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධව චීන සාධකය මීට වඩා වෙනස් ය . චීනයේ මූලික අරමුණ ශ්‍රී ලංකාව තුළ තම ඒකාධිකාරය පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි. (ECT ) යට එරෙහි වරාය වෘත්තිය සමිති විරෝධය ට ( CICT) හි චීන ජාතිකයින් සහයෝගය දුන් බව ද කියනු ලැබේ .චීනයේ මෙම හැසිරීම අපට පෙන්වන්නේ කුමක්ද? ඉන්දියාව විසින් (ECT ) අත්පත් කර ගැනීම මුළුමනින්ම බාධාවක් වනු ඇතැයි චීනය බිය වන්නට ඇත. එය ශ්‍රි ලංකාව තුළ අනාගත චීන කොලනි නිර්මාණය කිරිමට බාධාවක් වන බව චීනය වටහා ගන්නට ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට ප්‍රදානය කිරීම ද චීනයේ නොසතුටට හේතු වූ කාරණාවකි . හුදකලා ගුවන්තොටුපලක් පවත්වාගෙන යාමේ හැකියාව පරික්ෂා කිරීමට ඉන්දීය විශේෂඥවරු කණ්ඩායමක් තුන්වතාවක් පැමිණීමට උත්සාහ කළ ද අවසානයේ එය ප්‍රතික්ෂේප විය . මේ සියල්ල පිටුපස චීනයේ හස්තය තිබෙන බව නොරහසකි. පසුගිය වසර හත තුළ දක්නට ලැබුණු වර්ධනයෙන් පෙන්නුම් කරන්නේ චීනයවිසින් ශ්‍රී ලංකා රජය පමණක් නොව චීන ජාතිකයින් සම්බන්ධව වචනයක් වත් නොකියන සමස්ත රාජපක්ෂ නායකත්වය ම කොටු කර ඇති බවයි . චීනයේ අරමුණ ඉටුකරගැනීමට අවශ්‍ය මාවත ඔවුන් රාජපක්ෂවරු හරහා ඉටු කරගනිමින් සිටිති.
කොරෝනා වසංගතය අවසන් වූ පසු එකසත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධය ජෝන් බයිඩන් යටතේ අතිශය බැරෑරුම් තත්වයක් බවට පත් වනු ඇත. ශ්‍රී ලංකාව චීනය සමග ඕනෑවට වඩා ඇගෑලුම් කම් පැවැත්වීම හා චීනයට අවශ්‍ය ආකාරයට තීරණ ගැනීමට කටයුතු කිරීමත් , ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටීයැයි සඳහන් කිරීමත් ශ්‍රී ලංකාවට අනපේක්ෂිත ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වන කාරණා ය . ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු පෙනි පෙනී ශ්‍රී ලංකා රජය හා රාජපක්ෂ නායකත්වය මුනිවත රකිමින් සිටීම ප්‍රීතියට කරුණක් නොවේ . බලපෑමට මුහුණ දීමට සිදුවන්නේ රටක් වශයෙන් අප සියල්ලන්ට ම ය.
- විශේෂ ලියුම්කරුවකු විසිනි