මුස්ලිම් ජාතික තරුණයකු ඉස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව අපට වාර්තා වේ
තමන් කොරෝනා මරණ ආදාහනයට දැඩි සේ විරුුද්ධ බවත් දෙවියන් වහන්සේ මීට සුදුසු පියවර ගනු ඇති බවත් මිය යාමට දින කිහිපයකට මත්තෙන් මොහු සිය සමීපතමයන්ට පවසා ඇති බව සමාජ මාධ්‍ය වාර්තා සදහන් කරයි. කෙසේ වෙතත් සිය දිවි හානිකරගත් තැනැත්තා මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූ අයෙක් බවද සඳහන්.
පල්ලියේ සවිකර තිබූ කැමරා පද්ධතිවල එම ගිනි තබා ගැනීම පටිගත වී ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පුත්තලමල තිල්ලනිය ප්‍රදේශයේ පල්ලියකය.
කොරෝනා මරණ ආදාහන කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිකයන් දැඩි විරෝධයක් පළ කරන්නේ තම ආගමානුකූල භූමදානය අනිවාර්ය බව කියමිනි.