තම පියාවන ජනපති ට්‍රම්ප් සමුගන්නා විට බාල දියණිය ධවල මන්දිරයේදී කරපු අමුතු වැඩේ මෙන්න..!

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සියලූ කටයුතු සූදානම්ව තිබියදී ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගැනීමක් සිදුව තිබෙනවා.

ඒ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බාල දියණිය වන ටිෆනි ට‍්‍රම්ප්ගේ විවාහ ගිවිස ගැනීමයි.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දෙවන විවාහයේ දියණිය වන ටිෆනි, මේවනවිට 27 වන වියේ පසු වනවා. ඇය මෙලෙස හදිසියේ ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන ඇත්තේ 23 හැවිරිදි නයිජීරියානු ජාතික කෝටිපති වයාපාරිකයෙකු සමගයි.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, මෙලෙස ධවල මන්දිරයේදී සිය දියණියගේ විවාහ ගිවිස ගැනීම සිදුකලේ, නව ජනාධිපති ජෝ බයිඞ්න්ට අද දිනයේ ධවල මන්දිරය භාරකර වොශිංටන් අගනුවරින් නික්ම යාමට නියමිතව ඇති පසුබිමක් තුල වීම විශේෂත්වයක්.

සම්ප‍්‍රදායට අනුව ජෝ බයිඞ්න් ධවල මන්දිරයට පැමිණෙන තෙක් එහි රැදී සිට ට‍්‍රම්ප් විසින් බයිඞ්න්ව පිලිගත යුතු වනවා. එහෙත් සම්ප‍්‍රදාය බිදිමින් බයිඞ්න්, ධවල මන්දිරයට පැමිණිමට පෙර ඉන් පිටව යාමටයි ට‍්‍රම්ප් සූදානමින් සිටින්නේ. එසේම ජෝ බයිඞ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට ද, ජනාධිපති ට‍්‍රම්ප් සහභාගී නොවනු ඇති.


මේ අතර ජනාධිපති ධූරයේ දිවුරුම් දීම සදහා ජෝ බයිඞ්න්, වොශිංටනයට පැමිනණෙමින් සිටිනවා.

උත්සවය වෙනුවෙන් වොශිංටන් අගනුවර ආරක්ෂාව දැඩි කර තිබෙන අතර මෙවර පැවැත්වෙන්නේ අමෙරිකාව තුල මින් පෙර නොපැවැත්වූ දිවුරුම් දීමේ උත්සවයක්.ඉකුත්දා වොශිංටන් නුවර පැවැති මහජන විරෝධතා හේතුවෙන් සාම්ප‍්‍රදායිකව සිදුකල යුතු උත්සවයේ මෙවර වෙනස්කම් සිදුකර තිබීම ඊට හේතුවයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *