සිය ආසනය වන හොරණ ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල විවෘත කිරීමේ අවස්ථාවට හොරණ පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරයා මෙන්ම සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයාද වන විදුර වික්‍රමනායක මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව ඇත.
අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු එම අවස්ථාවට සහභාගීව සිටියද විදුර වික්‍රමනායක මහතා එම අවස්ථාවට සහභාගීව සිටියේ නැත.
නමුත් ඊට පසු දින (15) කන්දෙ විහාරේ පැවැති රතන සූත්‍ර දේශනාවට විදුර වික්‍රමනායක මහතා සහභාගීව සිටීම විශේෂ සිදුවීමක් විය.