විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ඇප…!

පුද්ගලයන් 11 කු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ දේවිකා අබේරත්න මහත්මිය නියෝග කර සිටියේ.

සැකකරුගේ රෝගී තත්ත්වය, වසරක ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීම, සහ පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් සැකකරු ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඇප නියම කරන ලදී . ඇප ලබා දීමට නීතිපතිවරයා අද විරෝධතා ඉදිරිපත් නොකරන ලදී 

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත යටතේ ගැනෙන වැරදි කර ඇති බවට චෝදනා ලැබ සිටී.

සැකකරුවන් පසුගිය වසරේ  දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි .

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *