කුලී පදනමට වාහන ලබාගෙන ව්‍යාජ ලේඛණ සකසා වෙනත් පුද්ගලයින්ට විකිණීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට මුල්ලේරියාව පොලීසිය සමත් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම ජාවාරම සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් විසින් ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කර සොරකම් කරන ලද වාහන 17 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.