මහින්දට අයියා කියලා කතා කලාම උදයංගට ලංකාවේ නීතිය අදාල නැද්ද..? මාධ්‍යවේදි විග්‍රහය

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කතා කරන්නේ අයියා යනුවෙන් කතා කළ පමණින් එක රටක් එක නිතියක් යන්න උදයංග වීරතුංග මහතාට අදාල නොවේදැයි IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි මහතා ප්‍රශ්න කර සිටි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකලේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

මිග් යානා ගනුදෙනුවේ මුදල් තවමත් තමන් ලද ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රසිද්ධියේ සඳහන් කිරිම තුලින්ම ඒ පිළිබදව පරික්ෂණ පවත්වන අංශවලට උත්තේජනයක් ලබාගැනිමට නොහැකිවීම පුදුම සහගත කරුණකි. ඔහු තාම නිදැල්ලේ..? කොහොමද එහෙම වෙන්නේ. මිග් යානා ගණුදෙනුවේ සල්ලි කොහොමද ඔහු අතට ආවේ. වහාම පර්යේෂණ පවත්වන්න ඕනේ මේවා ගැන. විපක්ෂය ප්‍රශ්ණ කරන්න ඕන ප්‍රශ්ණ මේවා.

යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම තනිකරම තමන්ගේ වැඩක් සහ සංකල්පයක් බවත් අගමැතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කලේ තමන් විසින් බවත් ඔහු සඳහන් කිරිම තුල යම්කිසි යටි අරමුණක් ඒ තුල ගැබ්වී ඇති බව දේශපාලණය කියවිය හැකි ඕනෑම ළදරුවෙකුට වටහාගත හැක.

සති දෙකක් කාමරයකට දමා වසා PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කරද්දී මෙරටට පැමිණෙන්නට සංචාරකයන්ට පිස්සු නැතැයිද ඔහු පැවසීම සමස්ත ශ්‍රි ලංකාවේ නිරෝධායන නීතියට සිදුකරන ලද අපහාසයක් නොවේද? ලංකාවට පිටරට ඉදලා එන අහිංසක ශ්‍රි ලාංකිකයන්ට එක නීතියක්. උදයංගලා ගේන සංචාරකයන්ට වෙනම නීතියක්. කෝ එක රටක් එක නීතියක්..? සාමාන්‍ය මනුස්සයෙක් ඕක කිවානම් අද වෙද්දි ඔහුව අත්අඩංගුවට අරගෙන සිරගත කරලත් අවසානයි. ඇතැම්විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඒක දකින්න නැතුව ඇති.

මම කියන්නේ සංචාරකයන්ට නිරෝධායන නිතිය වෙනස් කරනවා නම් පිටරට ඉදලා ලංකාවට එන අහිංසක මිනිස්සුන්ටත් ඒ වෙනස ඒ විදියටම ක්‍රියාත්මක වෙන්න ඕන. බලයට ආවේ එක රටක් එක නිතියක් කියලා නේද? රටේ මිනිස්සු අවදියෙන් ඉන්නේ මේවා ගැන.

මෙරට නිරෝධායන නීති සමග ලංකාවට සංචාරකයන් ගෙන්වන්න බැරි බවත් ඒවා කිසිම ප්‍රායෝගිකත්වයක් නැති නීති බවත් ඔහු කියා සිටිම තුල ඔහු මේ පහර ගහන්නේ ලංකාවේ සමස්ත නීතියට. නිරෝධායන නීතිය ඔහු අභියෝගයට ලක්කරද්දි වගකිවයුත්තන් නිහඩව ඉන්නේ ඔහු මහින්ද රාජපක්ෂ හට අයියා කියා කතා කරන නිසාදැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටී.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *