සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ සවස පොලිසියට සිරුර හමුවී ඇත.
උන්වහන්සේගේ සිරුර පෙට්ට්‍රල් දමා මළ සිරුරක් වළදමා තිබූ ස්ථානයක පුළුස්සා දමා තිබියදී පොලිසිය විසින් සිරුර සොයා ගෙන ඇත. මෙය උන්වහන්සේගේ මළ සිරුර බව හඳුනාගෙන ඇත්තේ පිළිස්සී ගිය සිරුරේ තිබූ සිවුරු කොටසකිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසිය සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.