දිවි ඇති තෙක් සිර දඬුවම් නියම කර සිටි 2010 ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂකයකු වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබේ.
උන්වහන්සේ බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙනි.
තීන්දුවට එරෙහිව කර ඇති අභියාචන ඉල්ලා අස්කර ගැනීමෙන් කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.