මගෙ කොල්ලන්ට අත තියන්න එපා..! – පැණිය ගන්න ආ පිරිස සමඟ ධම්මිකම වළි දා ගනී.! (VIDEO)

කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නැමති කපු මහතෙකු හට දෙවියෙකු විසින් කියන ලද වට්ටෝරුවකට අනුව සකසන ලද පැණිය ලබා ගැනීමට අදත් විශාල පිරිසක් ඔහුගේ නිවස අසල රැස්ව සිටියා.

මෙම පැණිය ලබා ගැනීමට නිරෝධායන නීතීන් උල්ලංඝණය කර පැමිණි පිරිස ඉවත් කිරීමට පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදු විය.

මෙම පැණිය කොරෝනාවට එරෙහි ඖෂධයක් ලෙස පළමුව හැඳින්වුවත් පසුව එය ආහාර අතිරේකයක් පමණක් බව පසුව ප්‍රකාශ කෙරුනා.

මෙම ඖෂධ පිළිබඳව පර්‍යේෂණ කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරයා පව උපදෙස් ලබා දී තිබියදී පර්‍යේෂණ ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ලේඛණ ලබා දීමට මොහු තවමත් අපොහොසත් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද පැවසූ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මින් පෙර සඳහන් කර සිටියා.

කලක් රූකඩ නටවමින්, ඩොල්කි ගසමින් සහ වඩුවැඩ කරමින් සිට පසුව කාලි වරමක් ලැබුණාය‍යි පවසමින් ‘ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලය’ නම් දේවාලයක් ඇරඹුවා යැයි පැවසෙන ඔහුව කරළියට ගෙන එන්නේ පුද්ගලික නාලිකාවක් මඟින්.

ඔහු සිය පැණිය ජයශ්‍රී මහා බෝධියට පූජා කිරීම සඳහා ඊයේ පැමිණ ඊටෙ ඉඩ නොලැබීමෙන් හඬ නගා අටමස්ථානාධිපති ආචාර්ය අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමියන්හට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *