කොරියානු රැකියාවට යන්න ඉන්න ඔබට සුභ ආරංචියක් මෙන්න..!

📣විදෙස් ශ්‍රමිකයින් සදහා වූ කොරියාවට නැවත ඇතුලත් වීමේ නීතිය සංශෝදනය කිරීමට රැකියා සහ කම්කරු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

✅සංශෝදිත නීතිය කැබිනට් මණ්ඩලය විසින් පසුගිය අගහරුවාදා අනුමත කර ඇති බවට පැවසෙනවා.

✅EPS ක්‍රමය යටතේ කොරියාවට පැමිණෙන අයට පළමුව අවුරුදු 3ක වීසා පත්‍රයක් ලැබෙන අතර සමාගමේ අනුමැතිය යටතේ තව අවු. 1 ක් සහ මාස 10 ක් දීර්ඝ කිරීමේ අවස්ථාව ලැබෙනවා.

✅මෙලෙස වසර 4ක් සහ මාස 10 ක් පුරාවට එකම සේවා ආයතනයේ සේවය කළ පළපුරුදු සහ දක්ෂ සේවකයින්ට නැවත එම ආයතනයටම පැමිණීම සදහා රැකියා බලපත්‍රයක් (re-entry) නිකුත් කරනු ලබනවා.

✅මෙලෙස පැමිණෙන අය මාස 3ක කාලයක් ඇතුළත කොරියාවට පැමිණීම පෙර තිබූ නීතිය වන අතර සංශෝදිත නීතිය යටතේ මාසයක් ඇතුළත නැවත කොරියාවට පැමිණීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇත. මෙය විදෙස් කම්කරු හිගයට විසදුමක් ලෙස ක්‍රියාත්මත කරන බව කම්කරු අමාත්‍යංශය තවදුරටත් පවසනවා.

✅මින් පෙර සේවා ස්ථානය මාරු කළ අයට නැවත පැමිණීමේ අවස්ථාව නොලැබුණු අතර සංශෝදිත නීතිය යටතේ එකම වර්ගයට අයත් සේවා ස්ථානයකට මාරු වූ අයටද නැවත පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇත.
මෙම නීතිය ඉදිරි මාස 6 ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

✅නැවත කොරියාවට පැමිණීමට අපේක්ෂා කරන ඔබට මෙය සුභ ආරංචියක් වනු නොඅනුමානයි.

ඔබට ජය!
උපුටා ගැනීම: My Hangul Cafe❤❤❤❤❤ 

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *